ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු බව කියන සැකකරුවකු ලබන 04 වනදා තෙක් තවදුරටත් රිමා...
ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු බව කියන සැකකරුවකු ලබන 04 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. කොටුව මහේස්ත්‍රාත්වරයායි නියෝගය නිකුත් කළේ.
අප්‍රේල් 21 ප්‍රහාර අයිඑස් ප්‍රහාරයක් බවට ප්‍රචාරය කිරීමට අදාළ සන්නිවේදන කටයුතු සිදු කළේ මෙම සැකකරු බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. මොහොමඩ් සහරාන් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමඟ මොහු සබඳතා පවත්වා ඇති බවයි රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ. විමර්ශනවල ප්‍රගතිය ලබන 04 වනදා අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා රහස් පොලීසියට ප්‍රකාශ කළා.
The post ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු බව කියන සැකකරුවකු ලබන 04 වනදා තෙක් තවදුරටත් රිමාන්ඩ් appeared first on ITN News.