ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියකට තර්ජනය කිරීම ගැන නිවේදනයක්
පසුගිය 25 වැනි සඳුදා කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීයව බඳවා ගනු ලැබූ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සම්බන්ධයෙන් සිදු වූයේ යැයි කියනු ලබන සාපරාධී සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා රජය බැරෑරුම් ලෙස සැලකිල්ලට ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.