ආබාධ සහිත රණවිරුවන් දෙදෙනෙක් නාගදීපයේ සිට කතරගමට පා ගමනින් යයි
ආබාධ සහිත රණවිරුවන් දෙදෙනෙකු නාගදීපයේ සිට කතරගම දක්වා පාගමනක් ආරම්භ කළා. ඔවුන් මැදවච්චිය සිට අද යළි ගමන් ආරම්භ කළේ බොහෝ දෙනෙකුගේ ආශිර්වාද මධ්‍යයයේයි.
කුරිරු යුද්ධයෙන් ආබාධ සහිත තත්ත්වයන්ට පත්ව සිටින රණවිරුවන්ගේ චිත්ත ශක්තිය වර්ධනය කිරීමේ අරමුණෙන් රණවිරුවන් දෙදෙනා නාගදීපයෙන් මෙම පාගමන ආරම්භ කළා. කතරගම කිරිවෙහෙර දක්වා කිලෝමීටර 1100 ක දුරක් පාගමනින් ගමන් කිරීම ඔවුන්ගේ අරමුණයි. නාවික හමුදාවේ එම් බී ඩබ්ලිව් කුමාර හා යුද හමුදාවේ ආර් ඩබ්ලිව් පියතිස්ස යන ආබාධ සහිත රණවිරුවන් දෙදෙනායි මෙම පාගමනට එක්ව සිටින්නේ. අද දිනයේ මැදවච්චියෙන් ආරම්භ කළ මෙම පාගමන අනුරාධපුරයෙන් අවසන් වු අතර හෙට දිනයේ අනුරාධපුර නගරයෙන් යළි මෙම පාගනම ආරම්භ කිරීමට නියමිතයි.
The post ආබාධ සහිත රණවිරුවන් දෙදෙනෙක් නාගදීපයේ සිට කතරගමට පා ගමනින් යයි appeared first on ITN News.