නව ලේකම්වරු රාජකාරී අරඹයි
අමාත්‍යාංශ සදහා පත් කෙරුණු නව ලේකම්වරුන් කිහිප දෙනෙකු රාජකාරී ආරම්භ කළා.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස පත්වූ පී එම් එස් චාල්ස් මහත්මිය සුවසිරිපායේදී රාජකාරී කටයුතු ආරම්භ කළා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජා සිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එක් කෙරුනේ එන් එච් එම් චිත්‍රානන්ද මහතායි. ඒ මහතා බත්තරමුල්ල ඉසුරුපාය පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිය තනතුරේ රාජකාරී ආරම්භ කළා. අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
The post නව ලේකම්වරු රාජකාරී අරඹයි appeared first on ITN News.