ශිකර් ධවාන්ට කොදෙව්වන් සමග පැවැත්විමට නියමිත T20 තරගාවලිය අහිමි වෙයි
ඉන්දිය ආරම්භක පිතිකරු ශිකර් ධවාන්ට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්විමට නියමිත එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිබෙනවා. ඒ ඔහුගේ වම් දණහිසෙහි ඇති වූ ආබාධයක් හේතුවෙන්.
දේශිය තරගයක් අතරතුරදීයි ශිකර් ධවාන් මෙම ආබාධයට ලක්ව ඇත්තේ. ඒ අනුව ඔහු වෙනුවට ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ඉන්දීය සංචිතය සදහා සංජු සැම්සන් නම් කර තිබෙනවා.
ඉන්දියාව සහ බටහිර ඉන්දිය කොදෙව් කන්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලබන 06 වනදා හයිද්‍රාබාද්හි ආරම්භ වීමට නියමිතයි.
The post ශිකර් ධවාන්ට කොදෙව්වන් සමග පැවැත්විමට නියමිත T20 තරගාවලිය අහිමි වෙයි appeared first on ITN News.