8 වැනි යෞවන චිත‍්‍රපට උළෙල අද(29) සහ හෙට
ජාතික තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ ඒකකය විසින් අධ්‍යාපන කී‍්‍රඩා හා තරුණ කටයුතු අමාත්‍යංශය සමග සංවිධානය කරනු ලබන 8 වැනි යොවුන් චිත‍්‍රපට උළෙල අද(29) සහ හෙට දින පැවැත්වේ.
8 වැනි කෙටි හා වාර්තා චිත‍්‍රපට තරගයේ තෝරාගත් චිත‍්‍රපට ප‍්‍රදර්ශනය අද දින හා හෙට දෙදින ප.ව. 5.00ට කොළඹ තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වේ. එම චිත‍්‍රපට අතරින් ජයග‍්‍රාහකයන් සඳහා සම්මාන ප‍්‍රදර්ශනය දෙසැම්බර් 01 දා ප.ව. 6.00ට ජාතික චිත‍්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වෙන යෞවන චිත‍්‍රපට සම්මාන උළෙලේදී සිදුකරනු ඇත.
මෙවර යෞවන චිත‍්‍රපට උළෙල සඳහා තරුණ නිර්මාණ කරුවන් විසින් කෙටි චිත‍්‍රපට 92 ක් වාර්තා චිත‍්‍රපට 21ක් ඉදිරිපත් කළ අතර, එම නිර්මාණ ලංකාවේ ප‍්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් විසින් විනිශ්චය කිරීමෙන් අනතුරුව අවසන් වටය සඳහා කෙටි චිත‍්‍රපට 14 ක් හා වාර්තා චිත‍්‍රපට 08ක් තෝරාගනු ලැබිණි. ජයග‍්‍රාහී නිර්මාණ වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් මුදල් ත්‍යාග ලබාදීමට ජාතික තරුණ සේවා සභාව කටයුතු සංවිධානය කර තිබේ.
ඒ අනුව ජයග්‍රාහී ප‍්‍රථම ස්ථානය වෙනුවෙන් රු. 150,000.00ක ත්‍යාගයක් හිමිවේ. එසේම දෙවන ස්ථානයට රු. 100,000.00 තෙවන ස්ථානය රු.75,000.00 සහ රු. 25,000.00 බැගින් වූ කුසලතා සම්මාන 07ක් දීමට නියමිතය. ඊට අමතරව සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ කැමරාකරණය, සංස්කරණය, ශබ්ද පරිපාලනය, තිරරචනය, යොවුන් නළුවා සහ නිළිය හා මාධ්‍යවේදී සම්මාන සඳහා රු.10,000 බැගින් මුදල් ත්‍යාග ලබාදීමට නියමිතය.
මෙවර සම්මාන උළෙලට සමගාමීව බෙල්ජියම් ජාතික පෝල් පවේල් විසින් ත්වන සිනමා වැඩමුළුවක්(Masterclass) නොවැම්බර් 30(හෙට) දින පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා ජාතික චිත‍්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී සංවිධානයකර ඇත. එහිදී ප‍්‍රමිතියෙන් උසස් වාර්තා චිත‍්‍රපටයක් නිර්මාණය කරන්නේ කෙසේද? එය ජාත්‍යන්තර සිනමා වෙඏඳපොළ අලෙවියට ඉදිරිපත් කරන්නේ කෙසේද?යන්න පිළිබඳ පෙන්වාදෙන දේශනයක් පැවැත්වීමට නියමිතය.
The post 8 වැනි යෞවන චිත‍්‍රපට උළෙල අද(29) සහ හෙට appeared first on Lanka Views | Views of the truth.