හසන් අලීට ශ්‍රී ලංකාව සමග පැවැත්විමට නියමිත ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි
ආබාධ තත්ත්වයකට ලක්වීම හේතුවෙන් පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක හසන් අලීට ශ්‍රී ලංකාව සමග පැවැත්විමට නියමිත ටෙස්ට් තරගාවලිය අහිමි වී තිබෙනවා.
පසුගිය සතියේදී ඔහු එරට දේශිය තරගයක් සදහා ක්‍රිඩා කිරිමට නියමිතව තිබුණද ආබාධ තත්ත්වය හේතුවෙන් එම තරගයට ද ක්‍රිඩා කිරිමට හැකි වුයේ නැහැ. අනතුරුව සිදු කළ වෛද්‍ය පරික්ෂණවලින් අනාවරණය වි ඇත්තේ හසන් අලීට සති හයක පමණ කාලයක් විවේක ගැනිමට සිදු වන බවයි.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන 11 වනදා පාකිස්තානයේ රාවල්පින්ඩිහි ආරම්භ වීමට නියමිතයි.
The post හසන් අලීට ශ්‍රී ලංකාව සමග පැවැත්විමට නියමිත ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි appeared first on ITN News.