ස්වෛරී රාජ්‍යයක් වන සුරිනාම් ජනරජයේ ජනපතිට වසර විස්සක සිර දඩුවම්
සුරිනම් ජනරජයේ ජනාධිපති ඩේසි ගුටර්ස්ට වසර විස්සක සිර දඩුවම් නියම වුණා.
දකුණු ඇමරිකාවේ ඊසානදිග අත්ලාන්තික් වෙරල මත පිහිටි ස්වෛරී රාජ්‍යයක් ලෙසයි සුරිනාම් ජනරජය හැදින්වෙන්නේ. බ‍්‍රසීලයට දකුණු දෙසින් පිහිටි මෙම ජනරජයේ ජනගහණය පන්ලක්ෂ හැටහය දහසක් පමණ වනවා. එහි ජනාධිපතිවරයාට මෙලෙස විසිවසරක සිරදඩුවම් නියම වුණේ දේශපාලන විරුද්ධවාදීන් 15 දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවක් හේතුවෙන්.
විනිසුරුවරුන් තුන් දෙනෙකුගෙන් යුත් කමිටුවක් මගින් දඩුවම නියම කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
The post ස්වෛරී රාජ්‍යයක් වන සුරිනාම් ජනරජයේ ජනපතිට වසර විස්සක සිර දඩුවම් appeared first on ITN News.