එජාප ලුණුගම්වෙහෙර සංවිධායකවරයා ඇතුලු පක්‍ෂ ක්‍රියාකාරීන් පිරිසක් නිදහස් පක්‍ෂයට
එක්සත් ජාතික පක්‍ෂයේ තිස්සමහාරාම ලුණුගම්වෙහෙර සංවිධායකවරයා ඇතුලු පක්‍ෂ ක්‍රියාකාරීන් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්වුණා.
එක්සත් ජාතික පක්‍ෂ ලුණුගම්වෙහෙර සංවිධායක ඩබ්ලිව් ප්‍රසාද් මහතා ඇතුලු පක්‍ෂ ක්‍රියාකාරීන් 40 දෙනෙකු අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවුණා. නව දැක්මකින් යුතුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්ව කටයුතු කිරීමට තමන් අපේක්‍ෂා කරන බවයි එම පිරිස සදහන් කළේ.
නිදහස් පක්‍ෂය සමග එක්වූ මෙම පිරිස වැඩිදුරටත් කියාසිටියේ එක්සත් ජාතික පක්‍ෂ නායකයින්ගේ වැඩපිළිවෙළ නිසා පක්‍ෂය බෙදී ඇති බවයි.
The post එජාප ලුණුගම්වෙහෙර සංවිධායකවරයා ඇතුලු පක්‍ෂ ක්‍රියාකාරීන් පිරිසක් නිදහස් පක්‍ෂයට appeared first on ITN News.