How can Sri Lankan charities find international donors and partners?

“අපි නිරුවත් අධිරාජ්‍යයා වගේ දැනෙනවා” – රත්නජීවන්ගෙන් ජනාධිපතිවරණයට පසුවදනක් !

- lankaviews.com

නොවැම්බර් 16 පැවති ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් සාකච්ඡා නොකරන කරුණු ප්‍රමාණයක් අනාවරණය කරමින් ජනාධිපතිවරණයේ විශ්වසනීයත්වය සම්බන්ධ ප්‍රකාශයක් එම කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් විසින් DailyMirror පුවත්පත සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී සිදුකර ඇත.

2015 ජනාධිපතිවරණයෙන් පසුව ස්වාධීන කොමිෂන් සඳහා සාමාජිකයන් නම්කරන විට මහාචාර්ය එස්.රත්නජීවන් එච්. හූල්ගේ නමද විය. ඒ අනුව, 2020 නොවැම්බර් මස අවසන්වන නිලකාලය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ ත්‍රිපුද්ගල සාමාජිකත්වයේ ඔහු සිටී. 2018 ඔක්තෝබර් කුමන්ත්‍රණයෙන් සිය මූලික අයිතිවාසිකම් කඩකළ බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය පුද්ගලයාද ඔහුය. එපමණක් නොව, පසුගිය ජනාධිපතිවරණය තුළ එකදු අපේක්ෂකයකුටවත් 50% ප්‍රතිශතයක් ඡන්ද ගන්නට නොහැකි වුවහොත් දෙවැනි මනාපය ගැන බලන්නට සිදුවන බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක්ද ඔහු විසින් සිදුකරන ලදී.

නොවැම්බර් 28 DailyMirror පුවත්පතට මහාචාර්ය රත්නජීවන් පවසන අදහස් අනුව ජනාධිපතිවරණයේදී ජයග්‍රාහකයා තේරීම කෙතරම් වංචනික ආකාරයේ සිදුවීමක්ද යන්න වටහා ගැනීමට හැකි වේ. විශේෂයෙන්ම ජනතාවට අදාළ ගැටලු ප්‍රචාරක ව්‍යාපාරයේ තොරොම්බල් කරන කාරණා අතරට ගෙන තරගයට මෙන් පොරොන්දු දුන් තත්වයක් තුළ ජනාධිපතිවරණයේ තවත් සංවේදී කරුණු අනාවරණය කරන්නට ඔහු සමත් වී තිබේ. ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ එකක් ලෙස වැරදි සහගත නිගමනයකට එළඹීමට වඩා එය ජාතිවාදයට තුඩුදෙන ආකාරයට අධික ලෙස මුදල් පොම්ප කරමින් දැන්වීම් හා මත සම්පාදනයෙන් මෙන්ම ප්‍රබල ලෙස ජනතාවගේ භීතිය භාවිත කරමින් ගෙන ගිය සූදුවක් බව හෙළි වේ. මේ සම්බන්ධයෙන් රත්නජීවන් හූල් විසින් අනාවරණය කරණ තොරතුරු එම සම්මුඛ සාකච්ඡාවකින් අනාවරණය වේ.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡාව සිදුකළ මාධ්‍යවේදී සුසිත ප්‍රනාන්දුගේ විමසීමකදී ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ යැයි බාහිර පුද්ගලයන් පවසන විට තමන්ට, ලොව ඉස්තරම්ම ඇඳුම තමන් ඇඳ සිටින බව සිතා නිරුවතින් සංචාරය කළ අධිරාජ්‍යයා තමන් යැයි හැඟෙන බව පවසයි.

“පසුගිය ජනාධිපතිවරණයේ  සමහර අඩුපාඩුකම් තිබෙනවා. අපි සියළු දෙනා අප වෙත සුභ පතා ගනිද්දි එම අඩුපාඩු සහිත අවකාශය වැහිලා යනවා. අපි හරියට තමන්ගේ නිරුවත්කම ගැන අන්ධභාවයට පත් වුණ නිර්වස්ත්‍ර වූ රජතුමා වගේ.”

රත්නජීවන් හූල් පවසන ආකාරයට තාක්ෂණික වශයෙන් මැතිවරණ ක්‍රියාදාමය නිවැරදි යයි මැතිවරණ නිරීක්ෂකයන් විසින්ද පවසා ඇති අතර මැතිවරණ ක්‍රියාදාමයට සම්බන්ධ වූ සියලු කාර්ය මණ්ඩල ඒ වෙනුවෙන් ගත් වෙහෙස ඇගයීමක් ලෙස එය පිළිගන්නට හැකිය.

“මෙම ඡන්දයේ ප්‍රතිඵලය සිය සැබෑ ස්වරූපය පෙන්වා තිබෙනවා. අපගේ කාර්ය මණ්ඩලවලට මැතිවරණ කටයුතු නියමිත වේලාවට ආරම්භ කිරීමේ සිට නිවැරදිව ගණනය කිරීම සඳහා වන නිවැරදි තාක්ෂණය තිබුණා. එසේම යුරෝපා සංගමයේ මැතිවරණ නීරික්ෂණ කණ්ඩායම හැර අපගේ මැතිවරණ නීරීක්ෂකයන් විසින් වැරදි සහගත ලෙස පවසන ආකාරයට ඒ තාක්ෂණික නිවැරදිකම පමණක් මැතිවරණයක් නිදහස්ව හා සාධාරණ එකක් බව පිළිගැනීමට ප්‍රමාණවත්”

එහෙත් මැතිවරණයක් නිදහස් හා සාධාරණදැයි එසේ නිගමනය කිරීම විවාදාත්මක බව දක්වමින් හූල් විසින් විශේෂ කරුණු කිහිපයක් අවධාරනය කරමින් මෙසේ පවසා තිබිණි.

“මෙම මැතිවරණය පුරාම බලපාන ලද පුර්ව මැතිවරණ දූෂණයන් පිළිබඳව
මම මෙහිදි අදහස් දැක්විය යුතුයි. විශේෂයෙන්ම මුස්ලිම් ප්‍රජාවට එරෙහිව දැක්වුණු ක්‍රියාකාරකම් අවධානයට ලක් වියයුතුයි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම ගැන අපට සුභ පතමින් ANFREL සංවිධානයේ සභාපති හා මැතිවරණ නීරික්ෂකයෙකු වන Damaso G. Magbual විසින් වැනි දේවල් ගැන ප්‍රකාශ කළ දෙයක් ගැන කියන්නම්. ඔහු කිව්වා … ඒවා වංචනික දේවල් නෙවෙයි, මැතිවරණ ප්‍රචාරණයක් පමණයි…. කියලා. ඉතින් මැතිවරණ නිරීක්ෂකයන් එවැනි කටයුතු ගැන සමාව දිය යුතු නෑ.”

ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමට ජනතාවගේ මත සකස් කළ ආකාරය පිළිබඳවද රත්නජීවන් හූල් බරපතළ ලෙස අවධානය යොමුකර තිබිණි. ඔහු පවසා සිටි වැදගත් කරුණු කිහිපයක් මෙසේය.

“පූර්ව මැතිවරණ රැවටීම් නිසා මෙම මැතිවරණය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. පළමුවැන්න ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥවරයා වන අලි සබ්‍රි සිදුකළ ප්‍රකාශයක් සහිත අපට ලැබී තිබෙන විඩියෝ දර්ශනයක්. ඔහු එහිදි මුස්ලිම් ජනතාවට කියන්නෙ …. ප්‍රායෝගික වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය ලබා අවසන් බවත් ඔහු වෙත සිය ඡන්දය ලබා දී මුස්ලිම් ජනතාව එම ජයග්‍රහණයේ අයිතිය ගත යුතු බවත්. එසේ නොකළොත් ඔවුන්ව කුඩුපට්ටම් කරනු ඇති බව ඔහු සඳහන් කළා. නමුත් අලුත් ජනාධිපති නීතිඥවරයාට එරෙහිව නඩු පවරන්නවත් අපට ධෛර්යයක් නෑ!”

මැතිවරණ කොමිසමට ලැබුණු තවත් වීඩියේ පටයක කරුණා අම්මාන් විසින් ගෝඨාභය රාජපක්ෂට වාසිදායක ලෙස ඡන්දය දෙනු පිණිස මුස්ලිම් ප්‍රජාවට එරෙහිව දෙමළ ජනයා අවුස්සමින් කරන ප්‍රකාශයක් රත්නජීවන් හූල් විසින් අවධානයට ලක්කරයි.

“අප විසින් අනාවරණය කර ගනු ලැබූ වීඩියෝවක කරුණා අම්මාන් පවසා සිටින්නේ මුස්ලිම් ජනතාව වහාම පාලනයට ලක් කොට පහළට ඇද දැමිය යුතු බවයි. එය සිදු කළ හැකි පුද්ගලයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ බවත් ඔහු වෙනුවෙන් සහය දැක්වීමට ප්‍රධාන හේතුව එය බවත් ය. මෙම පැමිණිල්ල මාවෙත ලැබුණු අවස්ථාවේදි මම මෙය ජාතිවාදය අවුස්සන පුවතක් ලෙස ප්‍රකාශ කළ විට පොලිසියේ හෝ කොමිසමේ කෙනෙකු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ පැමිණිකරුවන්ගේ පෞද්ගලිකත්වයට බාධා කරමින් මා විසින් අසත්‍ය පුවත් ප්‍රචාරය කරන බවයි.මෙම හේතු නිසා බහුතරයක් සිය ඡන්දය භාවිතා නොකරන්නට ඇත.”

The post “අපි නිරුවත් අධිරාජ්‍යයා වගේ දැනෙනවා” – රත්නජීවන්ගෙන් ජනාධිපතිවරණයට පසුවදනක් ! appeared first on Lanka Views | Views of the truth.

You may also like

- adaderana.lk

After many years of preparation, Venice has finally debuted its controversial five-euro entry toll for tourists without a hotel reservation this Thursday (25).

- adaderana.lk

The Committee on High Posts has green-lighted the appointment of a new ambassador, a ministerial secretary and two chairpersons to state institutions.

- colombogazette.com

Russian and Indian companies are to manage the Mattala international airport for a period of 30 years. The Sri Lankan Cabinet had granted approval at their meeting held on 09.01.2023 to call for aspirations from the parties interested in utilizing the facilities of the Mattala Rajapaksa International Airport. Accordingly, aspirations have been called and 05 institutions […]

- adaderana.lk

During the inquiry over former President Maithripala Sirisena s recent statement that he was aware of the real culprits behind the Easter Sunday bomb attacks, he has not mentioned the names of anyone in Sri Lanka, Public Security Minister Tiran Alles said.

- adaderana.lk

The Colombo Magistrate s Court ordered 04 including two Lieutenant Commanders of Sri Lanka Navy who were arrested along with a stock of drugs to be remanded in custody until May 09.

- colombogazette.com

A soldier of the Sri Lanka Army was killed and 9 others sustained injuries following an accident in Mankulam, in the North, Friday. The Police said the accident involved a lorry and an army vehicle. The lorry had crashed into the army vehicle which was transporting a group of soldiers. The soldiers were admitted to […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc