දිවයිනේ ප‍්‍රදේශ රැසකට අදත් වැසි
දිවයින පුරා පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පලාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. එම ප‍්‍රදේශවලට මිලිමීටර 150 ක පමණ ඉතා තද වර්ෂාපතනයක් ද බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ නිවේදනයෙහි දැක්වෙන්නේ. සෙසු ප‍්‍රදේශවලට පස්වරු එකෙන් පසු වැසි ඇතිවිය හැකියි. තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ජනතාවට දැනුම් දෙනවා.
The post දිවයිනේ ප‍්‍රදේශ රැසකට අදත් වැසි appeared first on ITN News.