වන අලි ප්‍රහාරයකින් අපවත් වූ දසසිල් මාතාවගේ අවසන් කටයුතු සිදුකරන අවස්ථාවේ උණුසුම් තත්ත්වයක්
වන අලි ප්‍රහාරයකින් අපවත් වූ දසසිල් මාතාවගේ අවසන් කටයුතු සිදුකරන අවස්ථාවේ වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දසානායක මහතා පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක් හට ගත්තා. ඒ නාඋල බෝගස් බොබැල්ල ප්‍රදේශයේදීයි.
අතරගල්ලෑවේ ඥානමිත්තා නමැති දස සිල් මාතාව වන අලි ප්‍රහාරයකින් අපවත් වූයේ නාඋල බෝගස්බොබැල්ල ප්‍රදේශයේදීයි. දේහයට අවසන් ගෞරව දැක්වීමට රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාද පැමිණියා. ඒ වන විට නාඋල ප්‍රාදේශීය සභාවේ සභාපති සනත් දසනායක මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සහ ජනතා විමුකිත් පෙරමුණ නියෝජනය කරන නාඋල ජන අයිතින් සුරැකීමේ සංවිධානයේ පිරිසක් ප්‍රදේශවාසීන් සමග සාකච්ඡාවක නිරතව සිටියා. එම අවස්ථාවේයි උණුසුම් තත්ත්වයක් හට ගැනුණේ.
The post වන අලි ප්‍රහාරයකින් අපවත් වූ දසසිල් මාතාවගේ අවසන් කටයුතු සිදුකරන අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් appeared first on ITN News.