ජාතික කණිෂ්ඨ නෙට්බෝල් ශුරතාව කුරුණෑගල පාසල් නෙට්බෝල් කණ්ඩායමට
ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය සංවිධාන කළ ජාතික කණිෂ්ඨ නෙට්බෝල් තරගාවලියේ ශුරතාව දිනා ගැනිමට කුරුණෑගල පාසල් නෙට්බෝල් කණ්ඩායම සමත් වුනා. ඒ අවසන් මහා තරගයේදී මහනුවර දිස්ත්‍රික් නෙට්බෝල් සංගම් කණ්ඩායම ලකුණු 32ට 19ක් ලෙස පරාජයට පත් කරමින්.
තරගාවලිය දින 03ක් පුරා කොළඹ ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමේන්තු ක්‍රිඩාංගනයේදී පැවැත්වුණා. නෙට්බෝල් කණ්ඩායම් 28ක් ඊට එක්ව සිටියා. තරගාවලියේ අනුශුරතාව දිනා ගත්තේ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායමයි. කළුතර පාසල් නෙට්බෝල් කණ්ඩායම තුන්වන ස්ථානයට පත් වුනා. කුරුණෑගල කණ්ඩායම නියෝජනය කළ නෙත්මා ධනංජලී නෙට්බොල් රැජින ලෙස මෙහිදි සම්මාන දිනා ගත්තා. හොදම පන්දු විදින්නිය බවට පත්වුණේ එම කණ්ඩායම නියෝජනය කළ උත්පලා සජිනි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයේ සභාපතිනි වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා.
The post ජාතික කණිෂ්ඨ නෙට්බෝල් ශුරතාව කුරුණෑගල පාසල් නෙට්බෝල් කණ්ඩායමට appeared first on ITN News.