United States Massachusetts change
Sri Lanka Breaking News
Sri Lanka parliament
vivalankaSri Lanka newsSri Lanka businessSri Lanka sportsSri Lanka technologySri Lanka travelSri Lanka videosSri Lanka eventssinhala newstamil newsSri Lanka business directory
vivalanka advertising
Menu
Stay Connected
facebooktwittermobile
Popular Searches
T20 World Cup
Sponsored Links
Sri Lanka Explorer

නව අමාත්‍යවරුන් අමාත්‍යාංශවල කටයුතු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවල

Dec 3, 2019 1:46:35 AM - itnnews.lk

නව අමාත්‍යවරුන් රාජකාරී ආරම්භ කිරීමෙන් පසු සිය අමාත්‍යාංශවලට අයත්  කටයුතු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවල එක්වුණා.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිය අමාත්‍ය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසුව සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ සංචාරයකට සහභාගී වුණා.  එම සංකීර්ණය තුළ  සංචාරය කළ අමාත්‍යවරයා කාර්ය මණ්ඩලය සමග සාකච්ඡාවකටද සහාගී වුණා.

සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන දෙපාර්තමේන්තු අංශ හදුනාගැනීම සහ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවැත්වුණා. සමාජ ආරක්ෂණ සේවාවන් සංවර්ධන වැඩසටහන් අරමුදල් සම්පාදනය සහ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරිය මෙහිදී උපදෙස් ලබා දුන්නේ.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා ගාල්ල ධීවර වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. ධීවරයන්ට බලපා ඇති ගැටළු පිලිබද සාකච්ඡා කළ රාජ්‍ය අමාත්‍යවරයා කඩිනමින් විසදුම් ලබා දෙන  බවට පොරොන්දු වුණා.

වලපනේ සහ රිකිල්ලගස්කඩ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත හපුගල සිට රිකිල්ලගස්කඩ දක්වා ලංගම ධාවනයට එක්කෙරුණා. එම කටයුතු සිදු කෙරුණේ රාජ්‍ය අමාත්‍ය සී.බී.රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරයා ලෙස පත්ව සිටින ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා අද සිය කටයුතු ආරම්භ කළා. එහිදී ඒ මහතා කියා සිටියේ නව රජයේ සංවර්ධන කටයුතු ජනතාවට හිතකර පරිදි සිදු කරන බවයි. එම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාද එක්ව සිටියා.

 

 

 

The post නව අමාත්‍යවරුන් අමාත්‍යාංශවල කටයුතු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවල appeared first on ITN News.