ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවය අද
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවය අද පැවැත්වෙනවා.
පසුගිය වසරේ දෙස්විදෙස් ක්‍රිකට් පිටියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රිඩිකාවන් අගය කිරිමේ අරමුණින් පැවැත්වෙන මෙම සම්මාන උළෙළ අද රාත්‍රී 07ට ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන මෙම ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවයේදී සමස්ථ සම්මාන 45ක් පිරිනැමිමට නියමිතයි. එහිදි ජාත්‍යන්තර සහ දේශිය තරග පිටිය නියෝජනය කරන ලද ක්‍රිඩක ක්‍රිඩිකාවන් 33 දෙනෙකු සම්මානයෙන් පිදුම් ලබනු ඇති. ජාත්‍යන්තර තරග අංශ යටතේ සම්මාන 17ක් ප්‍රදානය කිරිමට නියමිතයි. මිට අමතරව මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් ජිවිතයට එක්වරක් පමණක් පිදෙන ඇගයීම් සම්මාන ද්විත්වයක් ද පිරිනැමිමට මෙවර සම්මාන ප්‍රදානයේදී කටයුතු යොදා තිබෙනවා.
The post ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවය අද appeared first on ITN News.