ශ්‍රීලනිපයේ විනය කඩ කළ අයගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරනවා-අමරවීර
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිවලට හානි වන පරිදි විනය කඩකළ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සඳහා මේ වනවිටත් පක්ෂය විසින් තීන්දු තීරණ ගනිමින් සිටින බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල, බලශක්ති අමාත්‍ය එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා කියා සිටියේය.