පාස්කු ප්‍රහාරයේ තොරතුරු වසන් කිරීමට ව්‍යාජ ලේඛණ සැකසුවාදැයි සැකයක්
ප්‍රහාරයක් සිදුවන බවට කල්තබා ලැබුණු තොරතුරු අදාළ බලධාරීන් බරපතල ලෙස සැළකිල්ලට ගෙන නැතැයිද මේ බව වසන් කිරීම පිණිස ඇතැම් නිලධාරීන් ව්‍යාජ ලේඛන සකසා ඇති බවට සැකයක් මතුවන බව ද පාස්කු ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජානක ද සිල්වා පවසා තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ඊයේ (02දා) ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාමාජිකයන්දා හමු වී අදහස් හුවමාරු කරගෙන තිබේ. පරීක්‍ෂණ කොමිසමේ කාර්යභාරය හා සංයුතිය පැහැදිලි කළ කොමිසමේ සභාපතිවරයා මෙතෙක් කළ විමර්ශන ගැන ලූහුඬින් සඳහන් කර ඇත.
මෙහිදී ප්‍රහාරයේ සුලමුල නිවැරදිව හඳුනාගෙන වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණවීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා මැල්කම් රංජිත් කාදිනල්වරයාගේ අභිලාෂය ද එය බව පවසා ඇත.
පසුගිය පාලන සමයේ දී ජාතික ආරක්‍ෂාව පිළිබඳව ලිහිල් ආකල්පයකින් ක්‍රියා කිරීම නිසා බුද්ධි අංශ යාන්ත්‍රණය බිඳවැටුණු බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඉස්ලාමීය අන්තවාදය ප්‍රචලිත කිරීම නතර කිරීමට නොහැකි වූ බව ජනාධිපතිවරයා මෙහිදී පැවැසීය.
The post පාස්කු ප්‍රහාරයේ තොරතුරු වසන් කිරීමට ව්‍යාජ ලේඛණ සැකසුවාදැයි සැකයක් appeared first on Lanka Views | Views of the truth.