හිම කුණාටුවක් හේතුවෙන් ඇමෙරිකාවේ ගුවන් ගමන් 4000 ක් අවලංගු කෙරේ
ඇමෙරිකාවේ ඊශාන දිග ප්‍රදේශයට බලපෑ හිම කුණාටුවක් හේතුවෙන් ගුවන් ගමන් හාරදහසක් පමණ අවලංගු කිරීම හා ප්‍රමාද කිරීමට සිදුව තිබෙනවා.
නිව්යෝර්ක් නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා. සැන්ෆ්‍රැන්සිස්කෝ, නිව්යෝර්ක්, බොස්ටන්, පිලිඩෙල්ෆියා, චිකාගෝ හා වොෂිංටන් ගුවන්තොටුපොළවල ගුවන් ගමන් හාරදහසක් පමණ මෙසේ අවලංගු කිරීමට හා ප්‍රමාද කිරීමට සිදුව ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. නිව්යෝර්ක් නගරයේ ඇතැම් ප්‍රදේශවලට අගල් එකේ සිට තුන දක්වා උසකට හිම පතිත වී තිබෙනවා. බොස්ටන් නගරයේ එය අගල් 4ත් 7ත් අතර තරම් ඉහළ අගයක් බවයි වාර්තා වන්නේ.
The post හිම කුණාටුවක් හේතුවෙන් ඇමෙරිකාවේ ගුවන් ගමන් 4000 ක් අවලංගු කෙරේ appeared first on ITN News.