ආඩිඅම්බලම – කටුනායක ගුවන් තොටුපොල අතර මාර්ගයේ එක් මංතීරුවක් දින දෙකක් වසාදැමේ
ආඩිඅම්බලම සහ කටුනායක ගුවන් තොටුපොල අතර මාර්ගයේ එක් මංතීරුවක් දින දෙකක් වසාතබන බව ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගම පවසනවා.
ඒ ලබන සෙනසුරාදා පස්වරු හයේ සිට ඉරිදා මධ්‍යම රාත‍්‍රි 12 දක්වා. කටාන ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් එම මාර්ගයේ ජලනළ එලීම සිදුකිරිමයි ඊට හේතුව.
ඒ අනුව ගුවන් තොටුපොලට පිවිසීමේදී යම් අපහසුතාවක් ඇතිවිය හැකි බැවින් ඒ සදහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගම ජනතාවට දැනුම් දෙන්නේ.
The post ආඩිඅම්බලම – කටුනායක ගුවන් තොටුපොල අතර මාර්ගයේ එක් මංතීරුවක් දින දෙකක් වසාදැමේ appeared first on ITN News.