ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාව රටින් පිටවීම වළක්වාලමින් අධිකරණය නියෝගයක්
ආන්දෝලනයට ලක්ව ඇති කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාවකට රටින් පිටවීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළා.
ඒ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුවයි. ඇය විදේශ ගතවුවහොත් විමර්ශනවලට බාධාවක් වන බව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව ඇය අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන තෙක් ලබන මස 9 වනදා දක්වා විදේශගත වීම තහනම් කරමිනුයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම නියෝගය නිකුත් කළේ. තමන් බලහත්කාරයෙන් රදවාගෙන තොරතුරු ලබා ගැනීමට තැත් කළ බව පවසමින් මෙම කාන්තාව කළ චෝදනාවට අදාළව ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කළ ද ඇය ඊට ඉදිරිපත් වූයේ නැහැ.
The post ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාව රටින් පිටවීම වළක්වාලමින් අධිකරණය නියෝගයක් appeared first on ITN News.