සා/පෙළ විභාගයට පෙනි සිටින කිසිදු සිසුවෙකුට බාධාවක් නොමැති බව අධ්‍යාපන ඇමති සහතික වෙයි
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින කිසිදු සිසුවෙකුට බාධාවක් සිදුව නැති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කළා. ඒ විභාග මධ්‍යස්ථාන වලදී සිසුන්ට බාධා සිදුව ඇති බවට හුවා දක්වමින් සමාජ මාධ්‍ය ජාලාවල ප‍්‍රචාරය වූ අසත්‍ය තොරතුරු පිළිබද කරුනු පැහැදිලි කරමින්.
කැකිරාව අධ්‍යාපන කලාපයේ මුස්ලිම් සිසුවියන් කිහිප දෙනෙකුට මුහුණුවැස්ම හේතුවෙන් විභාග මධ්‍යස්ථානයට ඇතුළු වීමට ඉඩ නොදුන් බවට සමාජ මාධ්‍යවල කරුනු වාර්තා කර තිබුණා. ඒ පිළිබද කඩිනමින් සොයා බැලූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
දේශපාලන වශයෙන් විභාගය සහ දරුවන් ඊට ඈඳා ගැනීමට ඇතැම් කන්ඩායම් දරණ උත්සාහය සියලු දෙනා ප‍්‍රතික්ෂේප කළ යුතු බවයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කළේ.
The post සා/පෙළ විභාගයට පෙනි සිටින කිසිදු සිසුවෙකුට බාධාවක් නොමැති බව අධ්‍යාපන ඇමති සහතික වෙයි appeared first on ITN News.