බැසිල් අද කඩුවෙල අධිකරණයට
එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු ජාතික සංවිධායක හා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (05) දින නැවතත් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. අද දින අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු බැසිල් රාජපක්ෂ මහතාට ඇප ලබා ගැනීම වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බව රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෝ පවසති.
කෙසේ වෙතත් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණිමෙන් පසු අප්‍රේල් මස 22 දා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටි බැසිල් රාජපක්ෂ මහතා එදිනම කඩුවෙල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරග ගත කිරීමට නියෝග කෙරුණු අතර, බන්ධනාගරගත කිරීමෙන් පසු හදිසි රෝගයක් බව පවසා 23 දා බැසිල් රාජපක්ෂ මහතා බන්ධනාගාර රෝහලට ඇතුලත් විය.
පසුව කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක් වෙත ඇතුලත් කළ බැසිල් රාජපක්ෂ මහතා අද දින අධිකරණයට ඉදිරිපත් කරන තුරුම එම ගෙවන වාට්ටුවේ ප්‍රතිකර ලබන බව පවසමින් සිටී. කෙසේ වෙතත් රෝහල් ආරංචිමාර්ග පවසන්නේ මේ වන විට බැසිල් රාජපක්ෂ මහතාගේ රෝගී තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බවයි.