බැසිල් යලි රිමාන්ඩ් – රෝහලත් ප්‍රතික්ෂේපයි
දැවැන්ත මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරග ගත කර සිටි හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන 07 දා දක්වා යලිත් වරක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමලපාල මහතා නියෝග කළේය. මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේ බැසිල් රාජපක්ෂ මහතා අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමාවට පැමිණවීමෙන් පසුවය.
බැසිල් රාජපක්ෂ මහතාට අමතරව මෙම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක හා හිටපු දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ.කේ. රණවක යන අය ද ලබන 07 දා දක්වා යලිත් වරක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් විසින් ඇප ඇයැදුම්කර සිටියද මහේස්ත්‍රාත්වරයා විසින් එම ඇප ඇයැද්ම ප්‍රතික්ෂේප කළේය. එමෙන්ම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේදී නැවත වරක් කොළඹ මර්චන්න්ට් වාට්ටුවේ (ගෙවන වාට්ටුව) රදවා තබන ලෙස නීතිචයින් විසින් කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප කළ කඩුවෙල මහේස්ත්‍රාත්වරයා අදාල ඉල්ලීම බන්ධනාගාර වෛද්‍යවරයාට යොමු කරන ලෙස ද දැන්වීය.
නඩු විභාගය යලි 07 දා විභාගයට ගැනීමට නියමිතය.