මෙරටින් හමුවූ ආසාදිතයින් සංඛ්‍යාව 12570 දක්වා ඉහළ යයි
මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දොළොස්දහස් පන්සිය හැත්තෑව දක්වා ඉහළ ගියා. ඒ ඊයේ දිනයේ තවත් ආසාදිතයින් 383 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.
ඊයේ දිනය තුළ මෙරටින් හදුනාගත් ආසාදිතයින් මිනුවන්ගොඩ ඇගලුම් කම්හල් හා පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණ කොරෝනා පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් වනවා. ඒ අනුව එම පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව නව දහස් අනූදෙක දක්වා ඉහළ ගියා. එසේම ඊයේ දිනයේදී කොරෝනා මරණ 5ක්ද වාර්තා වූ අතර ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 29 ක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගත් 5918 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා. සුවය ලබා රෝහල්වලින් පිටව ගිය කොරෝනා රෝගීන් සංඛ්‍යාව 6623ක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
The post මෙරටින් හමුවූ ආසාදිතයින් සංඛ්‍යාව 12570 දක්වා ඉහළ යයි appeared first on ITN News.