How can Sri Lankan charities find international donors and partners?

ලීග් ක්‍රිකට් අතරට එක්වන නවතම සාමාජිකයා – ‘LPL’

- srilankacricket.lk

By Chamila Karawita

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් විස්සයි-20 තරග රටාව ලෝකයට හඳුන්වා දීමත් සමඟ වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත රටවල් බොහෝමයක් ගුණාත්මක බවින් වැඩි විස්සයි-20 තරගාවලි පවත්වනු ලබන අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පවත්වනු ලබන IPL තරගාවලිය ඒ අතරින් ප්‍රධාන තැනක් ගනු ලබයි. 2007 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අන්ත පරාජයක් ලබන රාහුල් ඩ්‍රාවිඩ්ගේ නායකත්වයෙන් යුතු ඉන්දීය කණ්ඩායම මේ වන විට ක්‍රිකට් දක්ෂතා අතින් ලොව බලවතා බවට පත්වීමට මාවත විවර කරනු ලබන ප්‍රධානම සංධිෂ්ඨානය බවට පත් වන්නේ 2008 වසරේදී ආරම්භ කරන ලද IPL තරගාවලිය බව අවිවාදිතය.

එම තරගාවලියෙන් පසු බොහෝමයක් රටවල් ක්‍රීඩාවෙන් මෙන්ම ආර්ථික වාසීන් ලබා ගැනීමේ අරමුණින් පෞද්ගලික විස්සයි-20 තරගාවලි සංවිධානය කිරීමට උනන්දුවක් දැක්වූ අතර ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් (Big Bash), බංග්ලාදේශයේ BPL සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි CPL තරගාවලි ඒ හරහා බිහිවිය. කෙසේ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් යොදා ගනිමින් පැවැත්වෙන මෙවැනි ආකාරයේ තරගාවලියක අවශ්‍යතාවය පසුගිය වසර ගණනාවේදීම ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට තදින්ම දැණින.

එම අවශ්‍යතාවය පිළිබඳව අවධානය යොමු කර සිටි ශම්මි සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය දේශීය සහ ‘ජාත්‍යන්තර තරු’ රැගත් තරගාවලියක අසිරිය විඳ ගැනීමේ අවස්ථාව සපුරාලමින් එකී අඩුව පුරවාලීමට මේ වන විටත් කටුයුතු යොදා තිබේ. ඒ අනුව ඒ ඒ රටවලින් පවත්වනු ලබන පෞද්ගලික ක්‍රිකට් තරගාවලීන් අතරට එකතුව වන නවතම සාමාජිකයා බවට පත් වන්නේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියයි.

විස්සයි-20 ලීග් තරගාවලි අතර LPL තරගාවලිය ‘බඩ පිස්සා’ බවට පත් වුවත් මෙම තරගාවලිය ශ්‍රී ලංකාවට පමණක් නොව සුවහසක් ක්‍රිකට් රසිකයින්ටද සුවිශේෂී තරගාවලියක් බවට පත් වන්නේය. මන්ද යත් Covid – 19 වසංගත තත්ත්වයක් යටතේ මෙම ‘බඩ පිස්සා’ ජාත්‍යන්තර තරග කැලැන්ඩරයට එකතු වනවා පමණක් නොව Covid – 19 හේතුවෙන් නිවෙසටම හිරවී සිටින සුවහසක් ක්‍රිකට් රසිකයින්ගේද ක්‍රිකට් පිපාසව සංසිදුවන බැවිනි. සෞඛ්‍ය නීති අකුරටම පිළිපැදිය යුතු සමයක LPL වැනි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට හැකිවීම යන ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ලබන තවත් එක් සුවිශේෂී ජයග්‍රහණයක් වනු ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආරක්ශක අංශ සහ සෞඛ්‍ය බලධාරීන් ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල හේතුවෙන් කොරෝනා පළමු රැල්ල සාර්ථකව මැඩ පැවැත්වූ රටවල් අතර ඉදිරි ස්ථානයක් ශ්‍රී ලංකාවට හිමිවේ. මේ වන විට ලෝකය පුරා පැතිර යන කොරෝනා දෙවැනි රැල්ල මැඩ පැවැත්වීම සඳහාද රජය ගෙන ඇති ක්‍රියා මාර්ග බොහෝය. කෙසේ නමුත් සෞඛ්‍ය බලධාරීන් පවසන ආකාරයට මේ වසංගතය සමඟ අප තව වසර දෙකක්වත් ජීවත් විය යුතුය. එබැවින් Covid – 19 වෛරසයෙන් ආරක්ෂා වෙමින් දෛනික කටයුතු පවත්වා ගෙන යෑමට හුරුවිය යුතු බව ඔවුන්ගේ අදහස වී ඇත.

කොරෝනා පළමු රැල්ල සමනය වීමෙන් පසු පසුගිය මාස කිහිපය තුළදී දේශීය ක්‍රිකට් තරගාවලි කිහිපයක් පැවැත්වීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය. ඒ සෑම තරගාවලියක්ම ක්‍රියාත්මක වූයේ සෞඛ්‍ය නීති රීතී හරියටම පිළිපදිමිනි. එබැවින් එම තරගාවලි අතරතුර Covid – 19 සම්බන්ධ කිසිදු තොරතුරක් වාර්තා නොවූයේ එහිදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අකුරටම ක්‍රියාත්මක වූ බවට සහතිකයක්ද ලබා දෙමිනි.

මේ වන විට ලෝකයේ අනෙක් රටවල්ද ජාත්‍යන්තර තරගාවලි ආරම්භ කර ඇත. ඉහතින් සඳහන් කළ IPL තරගාවලිය, ප්‍රේක්ෂක සහභාගිත්වයෙන් තොරව පැවැත්වූයේ එහි තරගාරිත්වය බිඳකින් හෝ අඩු නොවන ලෙසටය. සෞඛ්‍ය නීති රීතීන්ට යටත්ව LPL තරගාවලිය පැවැත්වීමේ කිසිදු බාධාවක් මේ වන තෙක් පෙනෙන්නට නැත. එළැඹෙන නොවැම්බර් 26 වැනිදා සිට දෙසැම්බර් 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත LPL තරගාවලියටද IPL තරගාවලිය ‘කොළ එළි’ දැල්වීමකි.

LPL තරගාවලිය පැවැත්වීමෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන්ට අත්වන ප්‍රතිලාභ බොහෝය. එහි මූලිකම කරුණ වන්නේ ඉකුත් පෙබරවාරි මාසයෙන් පසු ගෙවී ගිය කාල සීමාවේදී ක්‍රීඩාවෙන් ඈත්ව සිටි අපේ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තළයට හැඩ ගැසීම සඳහා මව්බිමේදීම විරල අවස්තාවක් උදා වීමය. එපමණක් නොව එය ජාතික තලයේ මෙන්ම ජාත්‍යන්තරයට පැමිණීමට බලාගෙන සිටින නවක ක්‍රීඩකයින්ටද හිමිවන අත්දැකීම සුළු පටු නොවන්නේය.

කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් සිව් දෙනෙකුට ක්‍රීඩා කරන විට දේශීය තලයේ ක්‍රීඩකයින් 7 දෙනෙකුට තරග වැදීමේ අවස්ථාව හිමිවෙයි. මේ හරහා දේශීය තරගාවලියන්හිදී දක්ෂතා දක්වා තරගාවලියට ක්‍රීඩා කිරීමට වරම් ලබා සිටින නවක ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර ක්‍රීඩකයින් සමඟ හරි හරියට තරග වැදීමේ අවස්ථාව උදාවීම එම ක්‍රීඩකයින්ට මිල කළ නොහැකි අවස්ථාවක් වන්නේය.

එපමණක් නොවේ මෙවැනි ආකාරයේ තරගාවලියකට ක්‍රීඩා කිරීමේදී එම රටේ ක්‍රීඩාව සීඝ්‍ර දියුණුවකට ලක්වීම නිරායාසයෙන් සිදුවන්නකි. පූර්විකාවේ සඳහන් කළාක් මෙන් ඉන්දියාව පමණක් නොව 2000 වසරේ ආරම්භයේදී ටෙස්ට් වරම් දිනූ ආධුනික බංග්ලිදේශය මෙන්ම කාලයක් තිස්සේ ක්‍රිකට් කඩා වැටීමට ලක් වුණු බටහිර ඉන්දීය කොදෙව්වන්ද ලීග් තරගාවලි පවත්වා උපරිම ඵළ නෙළා ගත් රටවල් වන්නාහ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය බලන කල වත්මන් ඉන්දීය ජාතික කණ්ඩායමට පැමිණ සිටින බොහෝමයක් ක්‍රීඩකයින් IPL තරගාවලිය හරහා පිබිදුණු ක්‍රීඩකයෝ වෙති. එසේ මතුව ආ යොවුන් තරු මේ වන විට ඉන්දියාව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ජයග්‍රහණ රැසකට මං පෙත් විවර කර දීමට සමත්වී සිටිති. මෙය බංග්ලාදේශයට ආදේශ කිරීමේදීද එවැනිම සංවර්ධනයකි. ඔවුහු 2012 වසර වන තෙක් කරන ලද ක්‍රිකට් ක්‍රීඩාවට හාත්පසින්ම ක්‍රීඩාවක් මේ වන විට ජාත්‍යන්තරයේ නියැළී සිටියි. මේ සියළු කරුණු කාරණා පිළිබඳව අවධානය යොමු කර සිටින කල්හි LPL තරගාවලිය යනු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිය දක්ෂතා පෙන්වීමට කදිම තෝතැන්නකි.

මෙම ලිපියේ පෙර සඳහන් කර පරිදි IPL තරගාවලියේ සමාරම්භක කාලයට පිළිබඳව අවධානය යොමු කරමු. 2008 වසරේ  සමාරම්භය සටහන්වුණු IPL තරගාවලියේ සිට මේ දක්වා ක්‍රීඩකයින් 27 දෙනෙක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා කර තිබේ. එහෙත් 2014 වසරෙන් පසු IPL තරගාවලියට වැඩි ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් පිරිසකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව  නොලැබී යෑම කැපී පෙනෙයි. ලසිත් මාලිංග හැරුණු විට එම සංඛ්‍යාව හරියටම 6 කි. ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, අසේල ගුණරත්න සහ ඉසුරු උදාන එම ක්‍රීඩකයෝ වෙති.

ඒ අනුව බලන විට LPL යනු ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යම තරගාවලියකි. වර්තමාන කණ්ඩායම දෙස බැලීමේදී බහුතරයක් ක්‍රීඩකයින් අත්දැකීම් අතින් අඩු තරුණයෝ වෙති. එබැවින් ඔවුන්ට මෙවැනි තරගාවලියකට ක්‍රීඩා කිරීම හරහා අත්දැකීම් සම්භාරයක් ලබා ගැනීමේ අවස්ථාව උදා වේ. විශේෂයෙන්ම විදෙස් ක්‍රීඩකයින් සමඟ කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ලැබීම, එම තරුණ ක්‍රීඩකයින්ට සිය ක්‍රීඩා දිවියට වැඩි යමක් එකතු කර ගැනීමේ අවස්ථාව උදා වනු ඇත. මෙවැනි ආකාරයේ තරගාවලියකදී කණ්ඩායම් සඳහා කැඳවනු ලබන පුහුණුකරුවන් බොහෝ විට ජාත්‍යන්තර අත්දැකීම් සම්භාරයක් ලබා ඇති අයවලුන් වීම සාමාන්‍ය දෙයක්. ඒ අනුව බැලීමේදී එවැනි පුහුණුකරුවන්ගෙන් ගුරුහරුකම් ලබා ගැනීමේ අවස්ථාවද දේශීය ක්‍රිකට් පිටියේ ක්‍රීඩකයින්ට උදාවනු ලබන අතර එය ක්‍රීඩකයින්ගේ අංශයෙන් බලන කල දැවැන්ත ජයග්‍රහණයක් ලෙසින් සඳහන් කළ හැක. මේ සියල්ලන් පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ඛඡඛ යනු ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට මනා රුකුළක් දෙනු ලබන තරගාවලියක් බවට පත්වනු  නොඅනුමානය.

ක්‍රිකට් සහ මූල්‍යමය අංශ වලින් හිමි වාසි වලට අමතරව තරගාවලිය පැවැත්වීමේදී වක්‍රාකාර වාසි ලබා ගනු ලබන අනෙක් පිරිස වන්නේ ක්‍රීඩා ලෝලීන් යැයි කීවද එහි වරදක් නොවන්නේය. ක්‍රිකට් තරග නොමැති කමින් කන්ස්සල්ලට පත්ව සිටින සුවහසක් ක්‍රිකට් රසිකයන්ට එල්.පී.එල්. තරගාවලිය ඉඩෝරයට වැසි මහා වර්ෂාවක් වනවා නොඅනුමානය. ක්‍රීඩා පිටියට ගොස් තරග නැරඹීමේ අවස්ථාව නොලැබුණද කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් නිවෙසටම වී කාලය ගත කිරීමට සිදුව තිබෙන සුවහසක් ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ මානසික පීඩනය යම් තරමකින් හෝ අඩු කිරීමටද එල්. පී. එල්. තරගාවලිය උපකාරී වනු ඇත.

The post ලීග් ක්‍රිකට් අතරට එක්වන නවතම සාමාජිකයා – ‘LPL’ appeared first on Sri Lanka Cricket.

You may also like

- onlanka.com

State revenue of Sri Lanka has reached an impressive Rs. 834 billion in the first quarter of this year, State Minister of Finance, Ranjith Siyambalapitiya announced on Thursday (April 25).The post Sri Lanka’s state revenue surges to record Rs. 834 Billion in first quarter 2024 appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- adaderana.lk

Five individuals including Ven. Ulapane Sumangala Thero who were remanded over the charges of obstructing the duties of public officials, have been granted bail.

- adaderana.lk

The Court of Appeal has deferred the verdict on the bail request made by the Director of Medical Supplies Division (MSD) Dr. Kapila Wickramanayake.

- adaderana.lk

The Colombo High Court on Friday (26) fixed a date for the hearing of the case filed against the notorious criminal figure and drug trafficker Nadun Chinthaka alias ÂHarak Kata over his failed escape attempt from the Criminal Investigation Department (CID).

- onlanka.com

An army soldier died and nine others were injured after a lorry collided with an army cab at Vasanth Nagar in Mankulam early this morning (April 26).The post Army soldier killed, 9 injured in Mankulam cab-lorry collision appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- adaderana.lk

The Colombo Magistrate s Court has ordered the Criminal Investigations Department (CID) to expedite the probes related to the X-Press Pearl maritime disaster.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc