දින 21 ක් පුරා විහිදෙන LPL තරග කාල සටහන එළියට

- srilankacricket.lk

By Chamila Karawita

දෙස් විදෙස් ක්‍රීඩකයින්ගෙන් සමන්විතව පළමු වරට පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග් 2020’ ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් මස 26 වැනි දින ප.ව. 3.30 ට පැවැත්වීමට නියමිත සමාරම්භක උත්සවයින් පසු ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරනු ලබන කලම්බෝ කිංග්ස් සහ කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුතු කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අතර තරගයෙන් ආරම්භ වේ. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය. ප.ව. 7.30 ට ආරම්භවනු ඇත.

නොවැම්බර් 27, දෙසැම්බර් 04 සහ දෙසැම්බර් 11 යන දිනයන්හිදී පමණක් එක් තරගය බැගින් පැවැත්වෙන අතර සෙසු සෑම දිනයකදීම ප.ව. 3.30 ට පළමු තරගයත් ප.ව. 7.30 ට දෙවැනි තරගයත් පැවැත්වෙනු ඇත. නොවැම්බර් 27 වැනිදා සහ දෙසැම්බර් 04 වැනි දිනයන්හිදී පැවැත්වෙන තරග 2 පමණක් රාත්‍රී 8.00 ට ආරම්භ වීමට නියමිතව තිබේ.  

නොවැම්බර් 26 වැනිදා සිට දෙසැම්බර් 16 වැනිදා දක්වා වූ පුරා දින 21 ක කාලයක් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සෞඛ්‍ය නීති රීතීන් යටතේ පැවැත්වෙන අතර එහිදී කොවිඩ් -19 වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා සියළුම කණ්ඩායම් ‘ජෛව ආරක්ෂිත බුබුලකට’ (Bio-secure bubble) යොමු කෙරෙනු ඇත. 

ලීග් ක්‍රමයට පැවැත්වෙන පළමු වටය යටතේ සෑම එක් කණ්ඩායමක්  තවත් කණ්ඩායමක් තරග 2 කට බැගින් සමස්ථ තරග 8 කට සහභාගිවනු ලබන අතර එහිදී ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන කණ්ඩායම් 4 දෙසැම්බර් මස 13 සහ 14 යන දිනයන්හි පැවැත්වීමට නියමිත අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබනු ඇත. තරගාවලියේ අවසන් මහ තරගය දෙසැම්බර් මස 16 වැනිදා පැවැත්වෙනු ඇත. 

කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී කලම්බෝ කිංග්ස් පිල ඇන්ජලෝ මැතිව්ස් විසින්ද, කැන්ඩි ටස්කර්ස් පිල කුසල් පෙරේරා විසින්ද, දඹුල්ල ලයන්ස් පිල දසුන් ශානක විසින්ද, ගෝල් ග්ලැඩියේටර් ලසිත් මාලිංග විසින්ද ජැෆ්නා ස්ටැලියන්ස් තිසර පෙරේරා විසින්ද මෙහෙයවනු ලබති. 

The post දින 21 ක් පුරා විහිදෙන LPL තරග කාල සටහන එළියට appeared first on Sri Lanka Cricket.

You may also like

- news.lk

Non Cabinet Minister of State Plantation Enterprises Reforms and State Minister of Finance, Ranjith Siyambalapitiya, announced that in the first quarter of this year, state revenue has reached an impressive Rs. 834 billion. This achievement not only surpasses the projected revenue but also indicates a growth of 6%. The state minister emphasized that with prudent financial management and a consiste...

- adaderana.lk

The Japanese Government has provided a grant of US$3 million through the Food and Agriculture Organization of the United Nations (FAO), to strengthen inland fisheries and improve rural livelihoods in partnership with the Ministry of Fisheries of Sri Lanka.

- island.lk

Non Cabinet Minister of State Plantation Enterprises Reforms and State Minister of Finance, Ranjith Siyambalapitiya, announced that in the first quarter of this year, state revenue has reached an impressive Rs. 834 billion. This achievement not only surpasses the projected revenue but also indicates a growth of 6%. The state minister emphasized that with prudent […]

- adaderana.lk

President Ranil Wickremesinghe expressed his dedication to fostering an economic landscape in the nation that would prevent future struggles among its citizens. Emphasizing the swift reconstruction of the economy within a mere two-year span, he underscored his resolve to elevate the standard of living by fortifying the economy s resilience.

- adaderana.lk

Former Malaysian Prime Minister Mahathir Mohamad is among individuals being investigated in connection with a graft probe involving his sons, the head of Malaysia s Anti-Corruption Commission (MACC) said on Thursday.

- adaderana.lk

Iran s President Ebrahim Raisi has called for expanding ties with Asian countries, particularly Pakistan and Sri Lanka, to strengthen bilateral, regional, and international cooperation.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc