ග්‍රාමීය සූර්ය විදුලි බලාගාර 10000ක් ඇති කරනවා
ගමට සූර්ය බලාගාරයක් සංකල්පයට අනුව ග්‍රාමීය සූර්්‍ය විදුලි බලාගාර දස දහසක් ඇති කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. අනුරාධපුර ප්‍ර දේශයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
අනුරාධපුර ගල්නෑව කලංකුට්ටිය විද්‍යාල මාවත සහ ඕබඩයාගම මංසන්ධියේ සිට තම්මැන්නාගම දක්වා මාර්ග දෙකක් කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණේ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ රජයේ වැඩසටහන යටතේයි. වසර ගණනාවකින් ප්‍රතිසංස්කරණය කර නොමැති මෙම මාර්ග සංවර්ධනය තුළින් ප්‍ර දේශයේ විශාල පිරිසකට සෙත සැලසෙනවා.
The post ග්‍රාමීය සූර්ය විදුලි බලාගාර 10000ක් ඇති කරනවා appeared first on ITN News.