විශේෂිත අවස්ථා යටතේ බස්ගාස්තු සංශෝධනයට අවධානය
සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් බස්රථ සහ කාර්යාල දුම්රිය ධාවනය අද සිට යළි ආරම්භ කර තිබෙනවා.
මේ අතර විශේෂිත අවස්ථා යටතේ ඉදිරියේදී බස් ගාස්තු සංශෝධනය කිරීමක් සිදු විය හැකි බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
කෙටි ගමන් සේවා මෙන්ම දුර ගමන් සේවා ද සියල්ල අද සිට ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. හුදකලා කර ඇති ප්‍රදේශවලින් බස් සේවා ආරම්භ කිරීම හෝ බස්රථ නතර කිරීම සම්පූර්ණයෙන් තහනම් බවයි පොලිසිය නිවේදනය කළේ. එම නීතිවලට අනුගතව බස්රථ සේවා ක්‍රියාත්මක කෙරෙන අතර අද සිට සිය සේවාද ආරම්භ කරන බව පෞද්ගලික බස් සංගම් ප්‍රකාශ කළා.
මේ අතර දුම්රිය ධාවනය ද අද සිට ක්‍රියාත්මක වන අතර හුදකලා කර ඇති ප්‍ර දේශවල දුම්රිය ස්ථානවල දුම්රිය නතර කීරිමක් සිදුවන්නේ නැහැ. දෙමටගොඩ , කැලණිය , වන වාසල , එඩේරමුල්ල, පේරලන්ද , ජාඇල , තුඩැල්ල , කඩහපොල , බේස් ලයින් , කොටාරෝඩ් , කුරුණෑගල , මුත්තෙට්ටුගල , හොරපේ , රාගම , වල්පොල,බටුවත්ත ,කුරන , මීගමුව සහ කට්ටුව දුම්රිය ස්ථානවල දුම්රිය නතර නොකරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. පසුගිය ඔක්තෝම්බර් මාසයට අදාළ ප්‍රවේශපත්‍ර භාවිත කරමින් මෙම සතිය තුළ ගමනාගමන මණ්ඩලයේ බස්රථ සහ දුම්රියේ ගමන් කිරීමට ද අවසර ලබාදී තිබෙනවා.
මේ අතර සෞඛ්‍ය උපදෙස් කඩකරමින් ධාවනය කෙරෙන බස්රථවල රියදුරන්ට හා කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පවසනවා.
දක්ෂින අධිවේගී මාර්ගයේ පින්නදූව දොරටුවෙන් පිටවන වාහනවල මගීන් සෞඛ්‍ය නීතිරීති පිළිපදින්නේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා අක්මීමන පොලිසිය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. ජනතාව දැනුවත් කිරිමට අත්පත්‍රිකා බෙදීමක් ද සිදු කෙරුණා. සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම පිළිබඳ සැලකිල්ලක් නොදක්වන පිරිස් වෙත අවවාද කිරීම ද මෙහිදී සිදුවුණා.
The post විශේෂිත අවස්ථා යටතේ බස්ගාස්තු සංශෝධනයට අවධානය appeared first on ITN News.