චීන – ඉන්දියා දේශ සීමා ගැටලුව සම්බන්ධයෙන් 8 වන වටයේ සාකච්ඡා සිදු කෙරේ
චීන ඉන්දියා දේශ සීමා ගැටලුව සම්බන්ධයෙන් අටවන වටයේ සාකච්ඡා පැවැත්වුණු බව චීන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරනවා.
පසුගිය කාලයතුළ චීන, ඉන්දියා දේශසීමා සම්බන්ධයෙන් අර්බුධකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබුණද මේ වන විට යම්තාක් දුරකට සමනය වී තිබෙනවා. දෙරට අතර ගැඹුරු හා ඵලදායී අදහස් හුවමාරු කර ගැනීමක් සාකච්ඡා අතරතුරදී සිදුවූ බවයි චීන නියෝජිතයන් සදහන් කරන්නේ. දෙරටේ නායකයින් පැමිණි එකගතාවය ආරක්ෂා කිරීමට දෙපාර්ශ්වයේ කැපවීම අත්‍යවශ්‍ය බව මෙහිදී අවධාරණය කර තිබෙනවා. චීන ඉන්දියා දේශ සීමාවේ බටහිර කොටසේ පාලනය සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කර ගත් බවයි වාර්තා වන්නේ. රටවල් දෙක අතර සන්නිවේදනය හමුදා හා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් පවත්වාගැනීමට මෙහිදී එකගතාවයකට පැමිණ තිබෙනවා. තවත් සාකච්ඡා වටයක් ඉදිරියේ දී පැවැත්වෙන බවයි චීන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.
The post චීන – ඉන්දියා දේශ සීමා ගැටලුව සම්බන්ධයෙන් 8 වන වටයේ සාකච්ඡා සිදු කෙරේ appeared first on ITN News.