ඊටා සුළි කුණාටුවෙන් මධ්‍යම කියුබාවට හානි
ඊටා සුළි කුණාටුවෙන් මධ්‍යම කියුබාවට හානි සිදුවී තිබෙනවා.
සුළි කුණාටුව හේතුවෙන් දස දහස් ගණනක ජනතාවක් උන්හිටි තැන්වලින් ඉවත් කිරීමට කියුබා රජය තීරණය කළා. කියුබාව හරහා පැයට කිලෝමීටර් අනූ පහකට වැඩි වේගයකින් සුළි කුණාටුව හමා ගිය අතර මිලි මීටර් තුන්සිය විසි අටකට වැඩි වර්ෂාපතනයක් ද ඇති වුණා. මේ වනවිට සුළි කුණාටුව ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා ප්‍රාන්තයටද බලපා තිබෙනවා. සුළි කුණාටුව නිකරගුවාවටද බලපෑ අතර සියයකට ආසන්න පිරිසක් මිය ගිය බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
The post ඊටා සුළි කුණාටුවෙන් මධ්‍යම කියුබාවට හානි appeared first on ITN News.