ප්‍රවීණ ගායන ශිල්පී W.D ආරියසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව්.ඩී. ආරියසිංහ මහතා අභාවප්‍රාප්ත වුණා. මිය යන විට ඒ මහතා පසුවුණේ 64 වන වියේහියි.
ඒ මහතා කලක් රෝගතුරව සිටි අතර ගල්කිස්ස කලාපුර සිය නිවසේදී අභාවප්‍රාප්ත වුණා. ගායනයට අමතරව තාලතරංග වාදකයකු ලෙසද ආරියසිංහ මහතා දක්ෂතා පෙන්නුම් කළා. සංගීතඥවරියක වන ආර්.ඒ දර්ශනී චන්ද්‍රසේන මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ ඩබ්ලිව්.ඩී. ආරියසිංහ මහතා “මාලගටම තව ලං වෙලා , වලාකුළු පෙලින් බසින්න“ ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ගායනා කර තිබෙනවා. කොළඹ ඩී.එස්. සේනනායක විදුහලේ සංගීත ආචාර්යවරයකු ලෙස කටයුතු කළ ආරියසිංහ මහතා සෞදර්ය විශ්වවිද්‍යාලයේ සංගීත උපාධිධරයෙක්.
The post ප්‍රවීණ ගායන ශිල්පී W.D ආරියසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.