ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ක්‍රියාත්මක කිරීමට යෝජිත සැළසුම් කිහිපයක් එළිදක්වයි
ජෝ බයිඩ්න් ඇමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ක්‍රියාත්මක කිරීමට යෝජිත සැළසුම් කිහිපයක් ඔහුගේ මැතිවරණ කාර්යාලය එළිදක්වා තිබෙනවා.
ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් විසින් අත්හිට වූ හා වෙනස්කම් සිදු කළ කාරණා කිහිපයක් සම්බන්ධයෙන් බයිඩ්න්ගේ දැඩි අවධානයක් යොමුව ඇති බව එම කාර්යාලය නිවේදනය කරනවා. කොංග්‍රසයේ අනුමැතිය අවශ්‍ය නොවන විධායක නියෝග කිහිපයකට ඔහු අත්සන් තැබීමට නියමිතයි. ඒ අතරින් කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩලීමට විශේෂඥ වෛද්‍යවරුන් සහ විද්‍යාඥයින්ගෙන් සමන්විත නව කාර්ය සාධක බලකායක් නම් කිරීම ප්‍රමුඛතාව ගෙන තිබෙනවා. ඇමෙරිකාව සාමාජිකත්වයෙන් ඉවත් වූ පැරිස් සම්මුතියට යළි එක්වීම,ලෝක සෞඛ්‍ය සංවිධානයට නැවත සම්බන්ධ වීම, බහුතර මුස්ලිම් රාජ්‍යයන්හි වැසියන්ට ඇමෙරිකාවට ඇතුළු වීමට ඇති තහනම ඉවත් කිරීම, සංක්‍රමණික දරුවන් ලෙස ඇමෙරිකාවට ඇතුළු වී රැදී සිටීමට අවශ්‍ය ලියකියවිලි නොමැති අය පිටුවහල් කිරීම වැළැක්වීම වැනි කරුණුවලටද ජෝ බයිඩ්න්ගේ ප්‍රමුඛතාව හිමිවන බව ඩිමොක්‍රටික් පක්ෂ ආරංචි මාර්ග සදහන් කරනවා.
The post ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ක්‍රියාත්මක කිරීමට යෝජිත සැළසුම් කිහිපයක් එළිදක්වයි appeared first on ITN News.