ජනාධිපති කයිවාරු ගැහුවට A3 අරගෙනත් සරසවි වරම් නෑ – සංජීව බණ්ඩාර
ජනාධිපතිවරයා කයිවාරු ගැහුවාට ඉහළම ලකුණු ලබා ගත් සිසුන්ට පවා මෙවර සරසවි වරම් අහිමි වී තිබෙන බවත් එලෙස අසාධාරණයට ලක් වූ සිසුන්ට වහාම සාධාරණය ඉටු කළ යුතු බවත් ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් සංජීව බණ්ඩාර පැවසීය.
“ගම්පහ දිස්ත්‍රික් රෑන්ක් එක 10 වුණු සිසුවාට සරසවි වරම් නෑ. නුවර දිස්ත්‍රික්කයේ හය වැනියා, අම්පාර දිස්ත්‍රික්කයේ 10 වැනියා, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 7 වැනියා බඳවා ගෙන නෑ. මාතර දිස්ත්‍රික්කයේ එසෙඩ් අගය 2.1005 ගත්තු සිසුවියට, විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ අරගෙන තිබියදීත් වෛද්‍ය පීඨයට යන්න බැ. ඇය කොළඹ විද්‍යා පීඨයට තෝරා ගෙන තිබෙන්නේ. ‘ඒ’ සාමාර්ථ තුනක් ගන්නවාට වඩා ගන්න පුළුවන් සුදුසුකම මොකක්ද? නමුත් පසුගියදා වෛද්‍ය උපාධියට අවම සුදුසුකම ලෙස C – 2 යි S – 1 ප්‍රමාණවත් කියලා ආණ්ඩුව සම්මත කළා. හැබැයි A 3 ගත්තු සිසුවියටත් අවස්ථාවක් නෑ” යැයිද සංජීව බණ්ඩාර පැවසීය.
බඳවා ගත් ක්‍රමවේදය වෙනස් කිරීමෙන් සිදු වන්නේ දැන් තිබෙන ලැයිස්තුවේ සිසුන් ඉවත් වී වෙනත් සිසුන් පිරිසකගේ නම් ඇතුළත් වීම පමණක් බවත් ඒ හැර සිසුන්ට සාධාරණය ඉටු නොවන බවත් ඔහු පැවසුවේය.
“ගිය වසරට වඩා වැඩිපුර සිසුන් 10,000ක් බඳවා ගන්නා බව ආණ්ඩුව කියනවා. නමුත් උසස් අධ්‍යාපනයට ගිය වසරේ වෙන් කළ මුදලට වඩා රුපියල් බිලියන 40ක් අඩුවෙන් මේ වසරේ වෙන් කර තිබෙන්නේ. බිලියන 40ක් කප්පාදු කරලා. ” යැයිද ඔහු පැවසුවේය.
උසස් පෙළ සමත් වී සුදුසුකම් ලබන සියලු දෙනා බඳවා ගැනීමට පහසුකම් පුළුල් කරන ලෙසද ඔහු අවධාරණය කළේය.
The post ජනාධිපති කයිවාරු ගැහුවට A3 අරගෙනත් සරසවි වරම් නෑ – සංජීව බණ්ඩාර appeared first on Lanka Views | Views of the truth.