05වන වරටත් IPL කිරුළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට
IPL කි‍්‍රකට් ශූරතාව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ජයග‍්‍රහණය කළා.
මාස එක හමාරකට වැඩි කාලයක් පැවති තරගාවලියෙ අවසන් මහා තරගය ඊයේ (10) රාත‍්‍රියේ පැවැත්වුණා. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවසන් තරගය එක් වුණේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමගින්. අවස්ථා හතරකදී අයි පී එල් කුසලානය දිනාගත් මුම්බායි ඉන්දියස් කන්ඩායම මෙහෙයවූයේ රෝහිත් ෂර්මායි.
දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මෙම තරගයට පිවිසුනේ මෙවර තරගාවලියේ ලාබාලතම නායකයා වන ශි‍්‍රයස් අයර් සමගින්. කාසියේ වාසිය දිනාගත් දිල්ලි කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. නායක ශි‍්‍රයස් අයර් නොදැවී ලකුණු 65යි. රිෂාබ් පාන්ට් ලකුණු 56ක් රැස් කළා.
නියමිත පන්දු වාර විස්ස අවසානයේදී කඩුලු හතකට ඔවුන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 156 ක්. පිළිතුරු ඉනිම කි‍්‍රඩා කළ මුම්බායි ඉන්දියනස් කණ්ඩායම පන්දු වාර 18 යි පන්දු හතරකදී ජයග‍්‍රාහී ඉලක්කය පසුකළා. රෝහිත් ෂර්මා ලකුණු 68 යි.
ඒ අනුව ලොව ධනවත්ම කි‍්‍රකට් ලීගය ලෙස සැලකෙන අයි පී එල් තරගාවලිය පස්වන වරටත් ජයග‍්‍රහණය කිරිමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට හැකිවුණා.
The post 05වන වරටත් IPL කිරුළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට appeared first on ITN News.