වසර 20 කට පසු පළමු වරට ඇමෙරිකාවෙන් මැලේරියා රෝගය වාර්තා වෙයි
වසර 20 කට පසු පළමු වරට ඇමෙරිකාවෙන් මැලේරියා රෝගය වාර්තා වනවා.
ඇමෙරිකාවේ ෆ්ලෝරීඩා හා ටෙක්සාස් යන ප්‍රාන්තයන්ගෙන් මැලේරියා රෝගීන් පස්දෙනෙකු හමු වී තිබෙනවා.
ඒ සමගම දකුණු දිග ඇමෙරිකාවේ මැලේරියා වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සදහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.
එම රෝගීන් පස්දෙනාට අමතරව තවත් කිසිදු රෝගියෙකු මෙතෙක් වාර්තා වී නැහැ. ඇමෙරිකාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය මැලේරියා වසංගතය මැඩ පැවැත්වීමට අවශ්‍ය සෞඛ්‍ය විධිවිධාන අඩංගු නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.
කෙසේ වුවද විදෙස් රටවල මෙහෙයුම් කටයුතුවල නිරත සෙබලුන් යළි ඇමෙරිකාවට පැමිණීමෙන් පසු ඔවුන් අතුරින් මැලේරියා රෝගය බහුලව වාර්තා වන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
The post වසර 20 කට පසු පළමු වරට ඇමෙරිකාවෙන් මැලේරියා රෝගය වාර්තා වෙයි appeared first on ITN News.