කොරෝනා ලෝක ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කර ඇති බව පුටින් කියයි
කොරෝනා වසංගතය මුළුමහත් ලෝක ආර්ථිකයටම දැඩි බලපෑම් එල්ල කර ඇති බව රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා.
ෂැංහයි සහයෝගීතා සංවිධානයේ විසිවන වාර්ෂික සැසිවාරයට අන්තර්ජාලය ඔස්සේ එක්වෙමින් රුසියා ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. මෙවර මෙම සැසිවාරයේදී වැඩි අවධානයට ලක්ව තිබෙන්නේ කොරෝනා මර්දනය කරමින් ආර්ථික සංවර්ධනය උදා කර ගන්නේ කෙසේද යන්න පිළිබදවයි. ෂැංහයි සහයෝගීතා සංවිධානය නියෝජනය කරන රටවල් ලෝක ජනගහනයෙන් සියයට විස්සක් පමණ නියෝජනය කරනවා. මෙම වසරේදී ගණන් බලා ඇති පරිදි කෝවිඩ් වසංගතය හේතුවෙන් කලාපයේ සිදුව ඇති ආර්ථික පහත වැටීම සියයට තුනයි දශම දෙකක්.
The post කොරෝනා ලෝක ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කර ඇති බව පුටින් කියයි appeared first on ITN News.