මෙරට 42වන කොරෝනා මරණය වාර්තා වෙයි
42 වන කොරෝනා මරණය අද වාර්තා වුණා. ඒ පානදුර ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.
මොහු පොලිස් රෝහලට ඇතුළත් කරන විට මිය ගොස් සිටි බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. කොවිඩ් 19 ආසාදනයෙන් හටගත් හෘදයාබාධයක් හේතුවෙන් මරණය සිදු වූ ඇති බව පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙළි වුණා.
The post මෙරට 42වන කොරෝනා මරණය වාර්තා වෙයි appeared first on ITN News.