වැලිගම මුහුදු තීරය පවිත්ර කිරීමේ වැඩසටහනක්
විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මාතර වැලිගම මුහුදු තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්රියාත්මක කෙරුණා.
දෙස් විදෙස් සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන වැලිගම මුහුදු තීරය නිරන්තරයෙන් අපිරිසිදු වනවා.
ඒ අනුවයි මුහුදු තීරය පිරිසිදු කිරීමේ ව්යාපෘතිය ක්රියාත්මක කෙරුණේ.
පිරිසිදු කිරීමේ කටයුතු සදහා රුසියා ජාතිකයින් පිරිසක් ද එක්ව සිටියා.
එහිදි ඔවුන් ප්රකාශ කළේ ශ්රී ලංකාව සුන්දර දිවයිනක් වන බැවින් එය පිරිසිදුව තබා ගැනීමට සියලුදෙනා වගකීමෙන් ක්රියා කළ යුතු බවයි.
වැලිගම / මිරිස්ස ආදී පොලිස් ස්ථාන මෙන්ම වැලිගම නගර සභාව හා මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සහාය ද මේ සදහා ලැබී තිබුණා.
ප්රදේශවාසීන් පිරිසක් ද පිරිසිදු කිරීමේ කටයුතු සදහා සහභාගි වුණා.
The post වැලිගම මුහුදු තීරය පවිත්ර කිරීමේ වැඩසටහනක් appeared first on ITN News.