පාකිස්ථානයේ ට්රක් රථ අනතුරකින් 17 ක් මිය යයි
පාකිස්ථානයේ ට්රක් රථයක් පෙරළී යාමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් තිබු ට්රක් රථයක් මෙලෙස අනතුරට පත්වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබුණා.
අනතුරින් තවත් පුද්ගලයින් 38 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි දැක්වෙන්නේ.
අනතුර සිදුවන විට ට්රක් රථයේ පුද්ගලයින් 60 දෙනෙකු පමණ සිට ඇති බවත් දරුවන් ද සිට ඇති බවත් වාර්තා වනවා.
The post පාකිස්ථානයේ ට්රක් රථ අනතුරකින් 17 ක් මිය යයි appeared first on ITN News.