නීතිවිරෝධී ලෙස පිරිමි ළමයෙකු එංගලන්තයට ගෙනයන්න හැදූ කතුන් දෙදෙනා
නීතිවිරෝධී ලෙස පිරිමි ළමයෙකු එංගලන්තය වෙත රැගෙන යාමට ගත් උත්සාහකළ කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දැනට එංගලන්තයේ වාසය කරන ශ්රී ලාංකික මවකගේ සහ ඇයගේ පුතුගේ තොරතුරු භාවිත කර ව්යාජ ලියකියවිලි සකස් කර වෙනත් කාන්තාවක යොදාගනිමින් එම පිරිමි දරුවා පසුගිය 26 වනදා මෙලෙස එංගලන්තය වෙත රැගෙන යාමටයි උත්සාහ කර ඇත්තේ
ගුවන් සේවා කවුළු නිලධාරිනියකට අදාළ ලියකියවිලි සම්බන්ධයෙන් ඇතිවූ සැකය මත මොවුන් දෙදෙනා ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.
එහිදී සිදුකළ තාක්ෂණික පරීක්ෂා කිරීම්වලදී මෙම ලියකියවිලි කූඨ ලෙස සකස් කළ ඒවා බව තහවුරු වී තිබෙනවා..
The post නීතිවිරෝධී ලෙස පිරිමි ළමයෙකු එංගලන්තයට ගෙනයන්න හැදූ කතුන් දෙදෙනා appeared first on ITN News.