News Search:
Narrowed By (Click to remove): > [Category] > [query]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊයේ රාත්රියේ ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව ඉතා ඉහළම මට්ටමින් පතිත වී තිබෙන්නේ ඇහැලියගොඩට වන අතර එය මිලි මීටර් 427.5ක් බව […]The post ඇහැලියගොඩට අනෝරා වැස්සක් – කළුගඟ මහා ගංවතුර තත්වයකට ඉස්සෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දකුණු මුහුදේදී ආපදාවට පත්ව සිටියදී මුදවා ගත් ධීවරයින් 06 දෙනා නාවික හමුදා මඟින් ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා. ශ්රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 480 ක් පමණ (කිලෝ මීටර් 889 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී ආපදාවට පත්ව සිටියදී කොළඹ, සමුද්රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, විදෙස් නෞකාවක් මඟින් මුදවා ගත් මෙරට […]The post දකුණු මුහුදේදී ආපදාව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කළු ගඟේ ජල මට්ටම ඇල්ලගාව ප්රදේශයෙන් මීටර් 12.38ක් දක්වා ඉහළගොස් මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පවසන අන්දමට තවදුරටත් එම ජල මට්ටම ඉහළ යමින් පවතී.The post කළු ගඟේ ජල මට්ටම මීටර් 12.38ක් දක්වා ඉහළ යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තායිවාන විවෘත මලල ක්රීඩා තරගාවලියේ කාන්තා මීටර් 800 ඉසව්වේ ප්රථම ස්ථානය ශ්රී ලංකාවේ තරුෂි කරුණාරත්න හිමිකරගෙන තිබෙනවා. එහිදි ඇය මිනිත්තු 2:05.74 ක කාලයකින් අවසන් කරමින් රන් පදක්කම දිනාගනී.The post තරුෂි කරුණාරත්නගෙන් තවත් ජයග්රහණයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වයන් නැරඹීමට යාමෙන් වලකින ලෙස ආපදා කළමණාකරන මධ්යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව ගංවතුර නැරඹීමට යාම සහ ගංවතුරෙහි දියනෑම සහ විනෝදවීම සිදු නොකරන ලෙසයි ආපදා කළමණාකරන මධ්යස්ථානය ජනතාවට දැනුදෙන්නේ. අද දිනයේ ගංවතුර නැරඹීමට යාමෙන් පුද්ගලයින් දෙදෙනෙක් මේ වන විට අතුරුදන්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂක ප්රදීප් […]The post ගංවතුර න...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත ප්රදේශ කිහිපයකට නායයෑම් අනතුරු තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව ගාල්ල, මාතර, හම්බන්තොට, කොළඹ, කළුතර, මහනුවර, නුවරඑළිය, කෑගල්ල, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්රික්කවලට මෙසේ පූර්ව නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන්කර සිටියේ. මේ අතර එම නිවෙදනය හරහා පාදුක්ක, පාලින්දනුවර, මතුගම, බුලත්සිංහල, ඉංගිරිය, රුවන්වැල්ල, දෙහිඕවිට, [...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අධිවේගි මාර්ග කඩුවෙල අන්තර් හුවමාරු මධ්යස්ථානය තාවකාලිකව වසා දැමූ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. ඒ, නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් […]The post කඩුවෙල අධිවේගී පිවිසුමත් වහයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනය වග දුම්රිය ස්ථානය තෙක් සීමා කර තිබෙනවා. වග සහ කොස්ගම දුම්රිය ස්ථාන අතර පාලමක් කඩාවැටීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමනාගමනය සීමා කර ඇති බවයි ශ්රී ලංකා දුම්රිය දෙපාරත්මේන්තුව සඳහන් කළේ.  The post කැලණිවැලි දුම්රිය මාර්ගයේ පාලමක් කඩා වැටෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් කැලණි ගඟ පිටාර ගලා බියගම මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව අවට ජලයෙන් යටවීමෙන් කඩුවෙල අන්තර් හුවමාරු මධ්යස්ථානය තාවකාලිකව වසා දැමූ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ හේතුවෙන් කඩවත දෙස සිට පැමිණ කඩුවෙල දෙසට පිටවන සහ කඩවත දෙසට වාහන ඇතුළුවිය නොහැකි බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.    The post කඩුවෙල අධිවේගී පිවිසුමත් තාවකාලිකව වසයි appeared first on I...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාල්ල, තවලම සහ හබරකඩ යන ප්රදේශවලදී පුද්ගලයින් දෙදෙනෙක් ගංවතුරට හසුවී අතුරුදන්ව ඇති බව දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ ගාල්ල හබරකඩ ප්රදේශයේ පදිංචි කදිරමනි ශාන්ත කුමාර නම් 23න් හැවිරිදි තරුණයෙක් සහ ගාල්ල, තවලම ප්රදේශයේ පදිංචි රංජිත් දහනායක නම් 53න් හැවිරිදි පුද්ගලයෙක්.  The post ගංවතුරට හසුවී දෙදෙනෙක් අතුරුදන් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අයහපත් කාලගුණයත් සමඟ රත්නපුර දිස්ත්රික්කයේ මේ වන විට පුද්ගල මරණ 4 ක් වාර්තා වී ඇති බව රත්නපුර දිස්ත්රික් ලේකම් වසන්ත ගුණරත්න පවසනවා. එසේම අද (02) දහවල් වන විට රත්නපුර දිස්ත්රික්කයේ පවුල් 2575 ක, පුද්ගලයින් 9398 දෙනෙකු වෙත ආපදා තත්ත්වයන් බලපා ඇති බවද දිස්ත්රික් ලේකම්වරයා සඳහන් කරන්නේ. ආපදා තත්ත්වයන් හේතුවෙන් රත්නපුර, ඇහැලියගොඩ හා කුරුවිට යන ප්රාදේශීය […]The post අයහපත් කාලගුණයෙන් රත්නපුර ප්රද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත් බිම් කිහිපයක ගංවතුර තත්ත්වයක් මතුවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන්කර සිටියේ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා-ඇල, කටාන සහ වත්තල ප්රාදේශීය ලේකම් කොට්ඨාශවල පිහිටි අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත් බිම් කිහිපයක ගංවතුර තත්ත්වයක් මතුවිය හැකි බවයි.The post අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට – ප්රදේශ කිහිපය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සුඩානය සාගතයක් ඇති වීමේ දැඩි අවදානමකට මුහුණ දී සිටින බවට ජගත් සංවිධානය අනතුරු අඟවනවා. වසරකට අධික කාලයක් පුරා රජයේ හමුදා හා කැරලිකාර කණ්ඩායම් අතර හටගෙන ඇති ගැටුම් හේතුවෙන් සාගතයක් ඇති වීමේ අවදානම ඉහළගොස් තිබෙනවා. මිලියන 18 ක පමණ පිරිසක් මේ වන විටත් කුසගින්නේ පසුවන බවයි ජගත් සංවිධානය පවසන්නේ. මිලියන 2.6 ක පමණ කුඩාදරුවන් පිරිසක් මන්දපෝෂණයෙන්  […]The post සුඩානය සාගතයක් ඇති වීමේ දැඩි අවදානමක ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය ප්රසාද් සමරසිංහ හදිසියේම ඉවත් කර ආචාර්ය සුදන්ත ලියනගේ එම තනතුරට පත්කර තිබේ. ජනමාධ්ය […]The post රූපවාහිනියේ හදිසි වෙනසක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊයේ රාත්රියේ සිට දිවයිනේ ප්රදේශ ගණනාවකට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග සහන කටයුතු සැලසීම සඳහා යුධ හමුදාවේ කණ්ඩායම් 10ක සෙබළු […]The post මහ වැස්සක් කළ මහ විපතක් – හමුදාව සීරුවෙන් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

චීනයට අයත් අභ්යවකාශ යානයක් චන්ද්රයා මත ගොඩබැස්සවූ බව එරට අභ්යවකාශ මධ්යස්ථානය නිවේදනය කරනවා. චීනයට අයත් චැංග්යී 6 අභ්යවකාශ යානය චන්ද්රයාගේ මෙතෙක් කිසිවෙකු ගමන් නොකළ දක්ෂිණ ධ්රැවයේ ප්රදේශයකට ගොඩබැස්සවූ බවයි චීනය නිවේදනය කරන්නේ. මැයි මාසයේ තුන්වන දින එම යානය පෘතුවියෙන් පිටත්ව ගිය අතර චන්ද්රයාගෙන් පාෂාණ හා පස් පෘථිවියට රැගෙන ඒම ඒ හරහා සිදු කිරීමට නියමිතයි. දක්ෂිණ ද්රවයේ […]The post Chang’e...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ – නුවර ප්රධාන මාර්ගයට වරකාපොල ප්රදේශයේදී මාර්ගය හරහා ගසක් කඩා වැටී තිබෙනවා. මෙම ගස කඩා වැටීමෙන් මාර්ගය මුළුමනින්ම අවහිර වී තිබෙනවා. මාර්ගය නැවත යථා තත්ත්වයට පත් කිරීමට මේ වනවිට කටයුතු සිදුකරමින් පවතින අතර එතෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය එම මාර්ගය භාවිතා කරන රියැදුරන්ගෙන් ඉල්ලීම් කර සිටින්නේ.  The post ගසක් කඩා වැටීමෙන් කොළඹ-නුවර මාර්ගය අවහිර වෙයි appeared first on ITN Ne...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් ක්රියාත්මක වූ මදුරු මර්දන සතියට අමතරව තවදුරටත් ඉදිරියට සතියක, දෙකක කාලයක් එලෙසම පිරිසිදු කිරීමේ කටයුතු සහ ධූමායන කටයුතු සිදු කරන බව සෞඛ්ය අමාත්යංශයේ ලේකම් විශේෂඥ වෛද්ය පාලිත මහීපාල මහතා අවධාරණය කරනවා. සෞඛ්ය ලේකම්වරයා මේබව අවධාරණය කරන ලද්දේ ජාතික මදුරු මර්දන සතියේ අවසන් දිනය වූ ඊයේ (01) පස්වරුවේ එහි ප්රගතිය සමාලෝචනය කිරීම […]The post ඩෙංගු සතියට අමතරව ඩෙංගු මර්දනය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළ සහ ඒ අවට ප්රදේශයේ අද  (02) අලුයම් කාලයේ පැවති අකුණු ගැසීම් සහිත තද වැසි තත්වය නිසා කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යැවීමට පියවර ගත් බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය . ඒ අනුව අබුඩාබි නුවර සිට අද […]The post අයහපත් කාලගුණය නිසා කටුනායකට පැමිණි ගුවන් යානා මත්තලට හරවා ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙක්සිකෝවේ ජනාධිපතිවරණය අද පැවැත් වෙනවා. අද පැවැත් වෙන මෙක්සිකෝවේ ජනාධිපතිවරණයෙන් ඉදිරියෙන් පසුවන අපේක්ෂකයින් දෙදෙනාම කාන්තාවන් වීම විශේෂත්වයක්. ඒ අනුව මෙවර මැතිවරණයෙන් එරට ප්රථම ජනාධිපතිවරිය තේරීපත්වීමට නියමිතයි. එමෙන්ම අද පැවැත්වෙන මැතිවරණයෙන් මෙක්සිකෝවේ ප්රාන්ත 08 ක් සදහා ආණ්ඩුකාරවරුන්, කොංග්රස් මණ්ඩල සභිකයින් මෙන්ම ප්රාදේශීය පාලකයින් ද තෝරාපත් කර ගැනීමට නියමිතයි. මැතිවරණ ප්රචාරණ කටයුතු අතරතුරද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා විපතට පත්වූවන් මුදා ගැනීමට ත්රිවිධ හමුදා සහන කණ්ඩායම් යොදවා තිබෙනවා. අධික වර්ෂාව හේතුවෙන් බස්නාහිර සහ දකුණු පළාත්වල පීඩාවට පත් ජනතාව මුදා ගැනීම සදහා නාවික හමුදා කණ්ඩායම් පහ බැගින් යොදවා ඇති බව නාවික හමුදා මාධ්ය ප්රකාශක කපිතාන් ගයාන් වික්රමසූරිය මහතා පවසනවා. බෝට්ටු දහයක් ද යෙදවීමටයි නාවික හමුදාව කටයුතු […]The post අයහපත් කාලගුණයෙන් පීඩාවට පත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳව රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්ය පියවර […]The post තද වැසි පිළිබඳව කාළග...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හා ජලගැලීම් සැළකිල්ලට ගනිමින් ප්රදේශ කිහිපයක විදුලි සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්යාංශය පවසයි. අමාත්යාංශ ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ ගාල්ල, කළුතර, රත්නපුර, කොළඹ සහ කෑගල්ල යන දිස්ත්රික්කවල බලපෑමට ලක්ව ඇති ප්රදේශවල විදුලිය විසන්ධි කිරිමට පියවර ගෙන ඇති බවය.The post ප්රදේශ රැසක විදුලිය සැපයුම අත්හිටුවයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

“තායිවානයේ ස්වාධීනත්වය” කිසිවිටෙකත් සිදු නොවන බව සහතික කරමින් එය මැඩපැවැත්වීමට චීන මහජන විමුක්ති හමුදාව (PLA) දැඩි ක්රියාමාර්ග ගැනීමට සූදානම් බව චීනය ප්රකාශ කරනවා. චීන ආරක්ෂක අමාත්ය Dong Jun මහතා ඊයේ(01) මේ බව ප්රකාශ කළා. ඒ සිංගප්පූරුවේ පැවැත්වෙන 21 වැනි ජාත්යන්තර උපායමාර්ගික අධ්යයන ආයතනයේ Shangri-La සංවාදයෙහි “ගෝලීය ආරක්ෂාව සඳහා චීනයේ ප්රවේශය” පිළිබඳ දේශනයක් සිදු කරමින්. සාමකාමී [R...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේත්  ජාතික ජන බලවේගයේත් ජනාධිපති අපේක්ෂකයින් නම්කර ඇතත් අගමැති ධුරය සම්බන්ධයෙන් කිසිදු සදහනක් සිදුකර නැත්තේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්රශ්නකර සිටිනවා.The post අපි 50%ක් රටට පෙන්නන්න යන්නේ නැහැ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට සත්කාරක ඇමෙරිකා එක්සත් ජනපදය සමත්වුණා. ඒ කැනඩා කණ්ඩායම කඩුලු 7කින් පරාජයට පත් කිරීමත් සමඟයි. තරගයේ කාසියේ වාසිය දිනූ ඇමෙරිකා එක්සත් ජනදපය ප්රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව කැනඩාවට ලබාදුන්නා. ඒ අනුව පිටියට පිවිසි කැනඩා පිතිකරුවන් සිය පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 194ක් රැස්කළා. ඉණිමේ […]The post T20 පළමු ජය ඇමෙර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජපානයේ සවරාගි ලංකා ජී විහාරස්ථානයේ 40 වන සංවත්සරයට සමගාමීව වැඩසටහන් රැසක් ක්රියාත්මකයි. ඒ ජපානයේ ප්රධාන සංඝනායක පූජ්ය බානගල උපතිස්ස ස්වාමීන්වහන්සේගේ අනාශාසකත්වයෙන්. සම්බුද්ධ පූජාව හා ධානමය පිංකම අද උදෑසන පැවැත්වුණේ ජපානයේ ශ්රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතාගේ ප්රධානත්වයෙන්. ජපානයේ යෙදෙන බෞද්ධ සැදැහැවතුන් ඇතුළු විශාල පිරිසක්ඊට එක්ව සිටියා. පැමිණි සිටි පිරිස පංචශීලයේ පිහිටුවීම හා ආගමික වතාවත් සිදු ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එළඹෙන ඕනෑම මැතිවරණයකට මුහුණදීමට තම පක්ෂය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. කොළඹ පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.The post ඕනෑම මැතිවරණයකට සූදානම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හෙට දිනයේ දිවයිනේ සියලුම පාසල් වසා දැමීමට අධ්යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට දිනයේ දී දරුවන් පාසල්වලට යැවීමෙන් වැළකී සිටින ලෙසයි අධ්යාපන අමාත්යාංශය දෙමව්පියන්ට දන්වා සිටින්නේ.The post දිවයිනේ සියලුම පාසල් හෙට වැසේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තම වැඩපිලිවෙල රටට විවෘත බවත් ඕනෑම සංවාදයකට සූදානම් බවත් ජාතික ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ජාතික ජනරජ පෙරමුණේ දෙවන මහාසමුළුව කොළඹ සුගතදාස ගෘහස්ත ක්රීඩාංගනයේදී පැවැත්වුණා. හිටපු ජනාධිපතිවරුන් වන මෛත්රීපාල සිරිසේන හා චන්ද්රකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීන් ද මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියා.The post රටට ණය වෙන කිසිම ව්යාපෘතියක් අපි කරලා ...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc